දිළිඳුන්ට අවමන් නොවන අයුරින් නත්තල සමරන ලෙස කොළඹ අගරදගුරු හිමි කතෝලිකයන්ට ආරාධනා කරයි — මෙලනි මානෙල් පෙරේරා

 

වර්ථමානයේ දී ශ්‍රී ලංකාවේ පවතින දුෂ්කර ආර්ථීක තත්ත්වය තුළ ලෝක්යේ වෙනත් රටවල හෝ ලංකාවේ අතීතයේ දී පැවැත්වූ ආකාරයෙන් කතෝලික ජනතාවට මේ වසරේ නත්තල් උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන්නට අවකාශයක් නැති බව   කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේය.

 
“සියලුම කිතුණුවන්ගෙන් ඉල්ලා සිටිනවා සියලුම අනවශ්‍ය වියදම් කපාහරින්න. පමණට වඩා කෑම බීම , ඇඳුම්පැළඳුම් වලට මුදල් වියදම් නොකරන්න. නත්තල සමරන්න ණය නොවන්න. එවගේම, නත්තල් දිනය දිළිඳුන් සමග ගතකරන්නට පියවර ගන්න. ඔබගේ නිවාසය අසළ සිටින පීඩාවට පත්වී සිටින දිළිඳුන්   මග නත්තල් ආහාර වේල භුක්තිවිඳින්න” යැයි අගරදගුරු හිමි ඉල්ලා සිටියේය.

අගරදගුරු හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේ ළග එන නත්තල් උත්සවය සම්බන්ධයෙන් කතෝලික සභාවේ ස්ථාවරය පිළිබඳව අදහස් දැක්වීමට සහ කතෝලික සභාව විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපියට ප්‍රතිචාර නොලැබීම පිළිබඳව අදහස් දැක්වීම සඳහා දෙසැම්බර් 19, පස්වරුවේදී කොළඹ අගරදගුරු නිවසේ දී පැවැත් වූ මාධ්‍ය හමුවේදීය.

අද ලංකාවේ පවතින දරුණු ආර්ථික කඩාවැටීම තුළ කතෝලික ජනතාවට මෙවර නත්තල් උත්සවය ඉතාම දුෂ්කර ලෙස ගතකරන්නට සිදුවී ඇති බව ප්‍රකාශ කළ අගරදගුරු හිමි, දෙමාපිය දෙදෙනා සහ ළමුන් දෙදෙනෙක් සහිත පවුලකට උදේ දිවා රාත්‍රී ආහාරය සකසා ගැනීම සඳහා මාසයකට 1200,00.00 ක් වැය වෙන බව වාර්ථාවක සඳහන් වූ බව පැවසීය.

ලංකාවේ සාමාන්‍ය පවුලක මාසික අදායම වැඩිම රුපියල් 80,000.00 පමණක වන බවත් එහෙත් බහුතර සාමාන්‍ය පවුලක ආදායම ඊට වඩා අඩු මට්ටමක පවතින බැවින් ද, මාසිකව ගෙවිය යුතුවන ජලය, විදුලිය සහ ගෑස් යනාදියේ අයකිරීම් ඉතා අධික බැවින් ද කතෝලික පමණක් නොව අනෙකුත් ආගම්වල සාමාන්‍ය ජනතාවද අතීශය දුෂ්කර ජීවිතයක් මේ වකවානුව තුළ ගතකරමින් සිටින බව අගරදගුරු හිමි පැවසීය. 

 
වෛද්‍යවරුන්, ගණකාධිකාරීවරුන්, තාක්‍ෂණ‍වෙදීන් වැනි වෘත්තීන්හි නියුතු බොහෝ දෙනෙක් ඉතා ඉහළ වියදම් හා පවතින ණය ආර්ථිකය තුළ සුපුරුදු ජීවිතය ගත කිරීමට නොහැකිව රට හැර ගොස් ඇති බවත්, මේ නිසා රට වඩාත් දිළිඳු වීමේ ප්‍රවණතාවක්,  අසරණ වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවත් ඔහු පැවසීය. 

“මෙවැනි වාතාවරණයක් යටතේ අපට සතුටින් නත්තලක් ගතකරන්නට පුලුවන් කියලා විශ්වාස කරන්න බැහැ. ඒක් අතෙකින් නත්තලෙන් අපට ලැබෙන අභියෝගය තමයි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගවලෙනක ඉතාම දිළිඳු ආකාරයෙන් බිහිවීම තුළ නත්තල අනවශ්‍ය නාස්තියෙන් තොරව, විශේෂයෙන්ම දිළිඳුන්ට අපහාස නොවන ආකාරයෙන් නත්තල ගතකරන්න කියලා පෙන්වා දීමයි.”

“ජේසුගේ චරිතය තුළ අප දකින්නේ අල්පේච්ඡතාවය ඉහළින් ම ක්‍රියාත්මක වුණු චරිතයක්.  උන්වහන්සේට වස්තුව දේපල බලය තිබුණේ නැහැ. තැනින් තැන දේශනා කරමින් , වැරදි වැටහීම් වලට ලක්වෙමින් මාවතේ තමයි ජීවත් වුණේ. අවසානයේදි වසර 03ක ප්‍රසිද්ධ ජීවිතයෙන් පසුව සියල්ල අතරහැර දමා , සියල්ල පරිත්‍යාග කරලා කුරුසියේ මරණයට පත්වුණා.”  

 

“උන්වහන්සේව අනුගමනය කරන ක්‍රිස්තු භක්තිකයෝ හැටියට මේ වගේ වාතාවරණයක් තුළ රටේ අනෙක් ජනතාව සමග  නාස්තිය, අනවශ්‍ය වියහියදම් කරමින් බොරු ආටෝපවලට රැවටී සැරසිළි ආදිය තුළින් පමණක් නත්තලේ ප්‍රීතිය භ-ුක්ති විඳින්න අපට බැහැ.” යනුවෙන් අගරදගුරු හිමි පැහැදිළි කළේය.

“සියලුම කිතුණුවන්ගෙන් ඉල්ලා සිටිනවා සියලුම අනවශ්‍ය වියදම් කපාහරින්න. පමණට වඩා කෑම බීම , ඇඳුම්පැළඳුම් වලට මුදල් වියදම් නොකරන්න. නත්තල සමරන්න ණය නොවන්න. එවගේම, නත්තල් දිනය දිළිඳුන් සමග ගතකරන්නට පියවර ගන්න. ඔබගේ නිවාසය අසළ සිටින පීඩාවට පත්වී සිටින දිළිඳුන් සමග ආහාර වේලක් භුක්තිවිඳින්න” යැයි අගරදගුරු හිමි කිතුනු ජනතාවට ඉල්ලීමක් සිදුකළේය.   


දේවස්ථාන ප්‍රදේශ තුළ ජීවත්වන ඉතාම පීඩාවට පත්වුණු පවුල් දේවස්ථාන පරිශ්‍රයට ගෙනවිත් නත්තල් දිවා ආහාරය ලබාදෙන්නට කටයුතු සැලසුම් කරන ලෙසට දේවස්ථානභාරව කටයුතු කරන සියලුම කතෝලික 
 පියතමන්ලාගෙන් අගරදගුරු හිමි ඉල්ලා සිටියේය.

තමන්වහන්සේ  රදගුරුවරයෙක් ලෙසට දේශනා කිරීමෙන් පමණක් නොනැවතී එය ක්‍රියාවට නංවමින් එක් මීසමක දිළිඳුන් 200ක් පමණ එක්රැස්කර සිය නත්තල් දිවා ආහාරය ඔවුන් සමග වැලඳිමට සුදානම් බව ද අගරදගුරු හිමි කීවේය.


One attachment • Scanned by Gmail

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed