ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලයට වසර සියයක් පිරිම නිමිත්තෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් එළිදැක්වේ. – නදීක දයා බණ්ඩාර

ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලය ස්ථාපිත කොට වසර සියයක් පිරිම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) මහනුවර දී පැවැත්විණි.

මහනුවර අම්පිටියේදී පැවැති මෙම සැමරුම් උත්සවයේදී සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළි දැක්වීණි.

මෙවර සාමාන්‍ය පෙළ දිවයිනේ පළමු ස්ථානයට පත් මහනුවර මහමායා බාලිකාවේ සමාධි අනුරාධා රණවක දියණිය ඇතුලු විශිෂ්ඨ අධ්‍යාපනික හා බාහිර කුසලතා දැක් වූ දරු දැරියන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම ද මේ අවස්ථාවේදී සිදුවිය.

ඉන්දීය රජයේ දායකත්වය මත මධ්‍යම පළාතේ පාසල් කිහිපයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරිම ද මෙහිදී සිදුවිය. එමෙන්ම  මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කඳවුරක් , දඹාන ආදිවාසී ගම්මානයේ තොරතුරු තාක්ෂණ  කටයුතු ආදියට ඉන්දීය ආධාර ලබාදීම සම්බන්ධයෙන්  සහතිකපත ප්‍රදානය කිරීම ද එහිදී ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස්වරයාගේ මැදිහත්වීම මත සිදුකෙරිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා, ඉන්දීය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මෙනවිය, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන්, තැපැල්පති රාජිත රණසිංහ මහතා  ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *