මධ්‍යම කඳුකරයට තද වැසි. මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ නැවතත් පිටාර මට්ටමට ආසන්නයි.- චන්දන ජයවීර  හැටන්

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට ඊයේ (03) දා රාත්‍රී සිට ඇද හැලෙන ධාරා නිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්ව පවති.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් අක්කර අඩි 93800 ක ජල ධාරිතාවයකින් යුත් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද (04) දා  උදැසන 08.00 වන විට පිටාර මට්ටමට පැමිණීමට තවත් අඟල් 05 ක පමණ ප්‍රමාණයක් පැවති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

කාසල්රී ජලාශයේ ජල මට්ටමද ඉහල ගොස් ඉකුත් සතියේ පිටාර ගැලූ අතර නැවතත් පිටාර මට්ටමට ආසන්නව පවතින බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ සඳහන් කළහ.

ලක්ෂපාන , නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, කැනියොන්, පොල්පිටිය හා බ්‍රෝඩ්ලණ්ඩ් යන විදුලපිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.

මේවන විට මෙම විදුලිබලාගාර සියල්ලෙන්ම උපරිම ලෙස විදුලිය උත්පාදනය කෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *