“ලංකාව විනාශවී ඇත්තේ ආත්මාර්ථකාමී වැඩපිළිවෙලවල්වලට අපි ඉඩ දුන්න නිසයි” – කාදිනල් මැල්කම් රංජිත් –

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිම සාධාරණයක්, නිසියාකාර පරීක්ෂණයක් මෙරට දූෂිත පාලකයින් සිදුකළේ නැති බවත්, සෑම පරීක්ෂණයක් ම යටගගසා, පාලකයින්ට අවශ්‍ය මත ඉදිරිපත් කරමින් පාස්කු ප්‍රහාරයේ සැබෑ මොලකරුවන් සගවන්නට දේශපාලන නායකයින් තවමත් උත්සාහා කරමින් සිටින බවත්, වර්ථමානයේදී රට තුළ පවතින සියලුම කඩාවැටීම්, විනාශකාරී තත්ත්වයන් සිදුවී ඇත්තේ පාලකයින්ගේ ආත්මාර්ථකාමී වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම සඳහා අප විසින්
ඉඩදුන්න නිසයි.” යැයි කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි ප්‍රකාශ කළේය.කාදිනල් රංජිත් හිමි මේ බව ප්‍රකාශ කළේ, ඊයේ – 27 ඉරුදින දහවල්, තේවත්ත ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේදි පැවති රෝගීන් ආසිරිගැන්වීමේ වාර්ෂීක දේව මෙහෙයේ දේශනය අවස්ථාවෙිදීය.

ඊයේ දහවල් (1.30 සිට) පැවැති විශේෂිත රෝගීන් ආසිරිගැන්වීමේ මෙහෙය කොළඹ අගරදගුරුතුමා ගේ ප්‍රධානත්වයෙන් යුතුව කොළඹ පදවි සහයක රදගුරුතුමන්ලා සහ පුූජාප්රසාදිවරුන්ගේ සහභාගිත්වයෙන් තේවත්ත ජාතික බැසිලිකා භූමියේදි පැවැත්විණි.
“අපිට මෙි ප්රශ්නය විසඳලා දෙන්න කියලා දෙවියන්වහන්සේට කන්නලව් කරනවා. දේව අම්මාට කන්නලව් කරනවා. අපේ සහෝදර ජනතාව 273දෙනෙකුගේ ජීවිත විනාශ කරලා , තවත් ජීවිත 500 ගණනකගේ ජීවිත අසරණ තත්ත්වයට පත්කරලා සිදුකළ ඒ බිහිසුණු අපරාධය සිදුකළේ කවුද යන්න වැඩිකල් නොගොස් අපිට එළිදරව් කරන්න කියලා අපි
දේව අම්මාට යාච්ඤා කරමු.” යැයි කාදිනල් රංජිත් හිමි සැදැහැවත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.“එවැනි ක්‍රමයක් බිහිකරන්නට දායක වීම අපගේ වගකීමක් ලෙස මේ අවස්ථාවෙිදී මම ප්‍රකාශ කරනවා. මෙවැනි කාලපරිච්ඡේදයක දී රට වෙනුවෙන් එසේ දායක වීම සියලුම කිතුනු ජනතාවගේ වගකීමක් වනවා. එනම් මේ පවතින ක්‍රමවෙිදය වෙනස් කරන්නට කැපවීම.” යැයි කාදිනල් හිමි අවධාරණය කළේය.