වතුකර ප්‍රජාවගේ උන්නතිය වෙනුවෙන් රදගුරු සමුලුව ස්ථාවර ප්‍රතිපත්තියක් සහ කොමිසමක් යෝජනා කරයි – – මෙලනි මානෙල් පෙරේරා
ශ්‍රී ලංකාවේ ආර්ථීක පැවැත්ම වෙනුවෙන් වසර 200ක් තුළ ජීවිත කැපකර සිටින වතුකර ප්‍රජාව, වතු කළමණාකාරිත්වයේ ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැතිකමින් අස්ථාවර සැළසුමි තුළ අසාධාරණයට ලක්වී පීඩිත ජීවිත ගතකරන බැවින් මනුෂ්‍යත්වයට හිමි ගරුත්වය ඔවුන් වෙත ලබාදීම සඳහා කළමණාකාරිත්වයේ ස්ථාවර ප්‍රතිපත්තියක් සහ ඔවුන්ගැන නිවරැදි ගැඹුරු සොයාබැලීමක් සඳහා කොමිසමක් පත්කරන ලෙසට කතෝලික රදගුරු සමුලුව සමග කරිටාස් සෙඩෙක් ආයාතනය රජයෙන් ඉල්ලා සිටිති.
“වැවිලි ප්‍රජාවගේ අභිමානවත් පුරවැසිභාවයක් කරා….” යන තේමාව ඔස්සේ , කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ යුක්තිය සාමය, හා මානව සංවර්ධනය පිළිබඳ කතෝලික ජාතික කොමිසමේ සභාපති, යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රගාසම් හිමි ප්රමුඛව , වතුකර ප්‍රදේශ නියෝජනය කරන කතෝලික රදගුරුවරුන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් වසර 200ක් පුරා මෙරට ජීවත්වන වතුජනතාව , ප්‍රධාන ක්ෂේත්‍ර 05ක් තුළ මුහුණ දෙමින් සිටින සමාජ සහ ආර්ථීක ප්‍රශ්න පිළිබඳව ඔවුන්ගේ සොයාගැනීම් පිළිබඳව දීර්ඝ පැහැදිළි කිරීමක් සිදුකරනු ලැබිණී.
නියෝජනය කරන වතුකර ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන එකී ප්‍රශ්න ගැටලු පිළිබඳව කුරුණෑගල, නුවර, බදුල්ල, ගාල්ල සහ රත්නපුරය යන රදගුරු පදවිවල රදගුරුවරු විසින් මෙම විශේෂ මාධ්‍ය හමුව කොළඹ , බොරැල්ලේ පිහිටි ජාතික කරිටාස් සෙඩෙක් ආයතනයේ දී ජුනි 30වන දා දහවල් පැවැත් වීය.
එම ජනතාවට නිවාස සදා දීම, පාරක් පිළිසකර කරදීම, වැසිකිළි තනාදීම යනාදි තුළ ඔවුන්ගේ ප්‍රශ්න නොවිසෙඳෙනා බව සඳහන්කළ අගරදගුරු මැල්කම් රංජිත් හිමි, සොච්චම් පඩියකට තමන්ගේ ශ්‍රමය, ජීවිත පූජාකරන වතුකර ජනතාව ගේ ජීවන රටාවන් ගැන මේ රටේ පාලකයින් ඉතා ගඹුරින් අවබෝධකර ගෙන ඔවුනට මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතු යැයි අවධාරණය කළේය.
යනුවෙන් කාදිනල් රංජිත් හිමි, ශ්‍රී ලංකා රජය අමතමින් ප්‍රකාශ කළේය. සිය ක්ෂේත්රවල පවතින තත්ත්වයන් පිළිබඳව මාධ්‍යට අදහස් දක්වමින් රදගුරුවරුන් සියලුම දෙනා ප්‍රකාශ කළේ, මෙම වතුදෙමළ ජනතාවට ඔවුන් සිටින තත්ත්වයෙන් ඉහළට එන්නට හෝ නැගී සිටින්නට පසුබිමක් ගොඩ නොනැගෙන බවයි. එම අසාධාරණය බිඳහෙලීම සඳහා බලධාරීන් , පවතින ආණ්ඩුව වහා ක්‍රියාකාරී විය යුතු බවයි.
වසර 200ක් ගෙවෙන මේ අවස්ථාවෙිදී ප්‍රමාද වුවත් , ඔවුනට හිමි ගරුවත්ය ලබාදෙමින් ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙසට ජීවත්වීමට අවශ්‍ය සාධනීය පියවර ගැනීමට දැන්වත් මේ රටේ බලධාරීන් ක්‍රියාකළ යුතුයි කියා අපි ඉල්ලා සිටිනවා. ඔවුන් වෙත සාධාරණය ලබාදීම සඳහා රටේ ජනතාවටත්, ජනමාධ්යවෙිදීන්ටත් යුතුකමක් ඇති බව අදහස් දක්වමින් කුරුණෑගල රදගුරු සහ කතෝලික රදගුරු සමුලුවේ සභාපති හැරලඩ් ඇන්තනි පෙරේරා රදගුරු හිමි ප්‍රකාශ කළේය.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000.00 ක් විය යුතු බවට දැනට වසර දෙක තුනකට පමණ පෙර රජයෙන් තීරණයක් ගනු ලැබූවත් වර්ථමානයේදීත් එම තීරණය වචන වලට පමණක් සීමා වී ඇති බවත් , රුපියල් 1000.00ක වැටුපක් ලබා දෙන ඇතැම් වතුවල සේවකයින්ගේ වැඩකරන දවස් ගණන කප්පාදු කර ඇතැයි ද එවිට පෙර ලැබූ සුලු වැටපුම යළිත් ලැබීමට සලස්වා ඇතැයි ද වැලන්ස් මෙන්ඩිස් නුවර පදවියේ රදගුරු හිමි මාධ්‍යයට ප්‍රකාශ කළේය.
රජයේ පරිපාලන ව්‍යුහයට මෙකී වතු ජනතාව සම්බන්ධ නැතිවීම හේතුවෙන් ඔවුනට අවැසි නිවාස, වැසිකිළි , මංමාවත් යනාදි අවශ්‍යතා නිසි ආකාරයෙන් ඉටු නොවන බව ද වැලන්ස් මෙන්ඩිස් රදගුරුහිමි පැහැදිළි කළේය.
බහුතර වතු සංඛ්‍යාවක් පෞද්ගලික සමාගම් යටතේ තිබෙන නමුත් , වතු ජනතාවගේ උන්නතිය වෙනුවෙන් රජය එම සමාගම් සමග සාකච්ඡා කොට අවශ්‍ය අදාළ සම්මුතීන්වලට පැමිණිය යුතු බව ද රදගුරු හිමි පෙන්වා දුණි.
පසුගිය කාලය තුළ දී ඉන්දියානු රජයෙන් නිවාස 40000ක් ලබාදී තිබුණ නමුත් අදටත් ඇතැම් ස්ථානවල ජනතාවට භාරදී නොමැති බව සඳහන් කළ රුදගුරුහිමි, ප්‍රධාන වශයෙන් රටේ
ආර්ථිකයට සම්බන්ධ මෙම දුප්පත් ජනතාවට හිසට සෙවනක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය සතුව යම්කිසි වැඩපිළවෙලක් තිබිය යුතු බවත් , එම ජනතාවට අවශ්‍ය සෑම සියලු අවශ්‍යතාවක්ම සපුරාලීමට රජයේ සම්පූර්ණ මැදිහත්වීම අවශ්‍ය බව ද අවධාරණය කළේය. රදගුරුවරුන් විසින් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ වතු ප්‍රජාව මුහුණ දෙමින් සිටින සියලුම ප්‍රශ්න ගැටලු සඳහා විසඳුම් ලෙසට, ශ්‍රී ලංකා රදගුරු සමුලුව ඇතුලුව කරිටාස් සෙඩෙක් ආයාතනය නිර්දේශ ද ඉදිරිපත් කරයි.
