සිය දූත මෙහෙවර ඉතිරි නැතිව අකුරටම ඉටුකරමින් දිවියෙන් සමුගත් පියතුමා – මෙලනි මානෙල් පෙරේරා

සිය දූත මෙහෙවර තුළ ප්රසිද්ධියටපත් පූජකවරයෙකු වන ඔස්වල්ඩ් ෆර්ත් පියතුමා 2023 ජුනි 19 වන දින සමිඳාණන් වහන්සේ තුළ සදාකාලික විවේකයට කැඳවනු ලැබූ අතර, ජුනි 21 වන දින මොරටුව, උයන ශාන්ත ජෝශප් දේවස්ථානයේ දී අවමංගල්‍ය දිව්‍ය පූජාව පැවැත්වීමෙන් අනතුරුව, උන්වහන්සේගේ මෘත දේහය මොරටුව උයන ශාන්ත ජෝශප් දේවස්ථානයේ සුසාන භූමියේ තැන්පත් කරණු ලැබිණි.

වැඩිදුරටත්, සිය දේශනාව තුළ ෆර්ත් පියතුමාගේ මෙලොව ජීවිතය පිළිබඳව සිහිපත් කළ රොහාන් සිල්වා පියතුමා, “දෙවියන්වහන්සේ මෙි කාර්යය කරන්නට ජනතාව අතරින් යමි යමි අයව තෝරාගන්නවා. අද අප ඉදිරියේ නිසලව සිටින අපගේ ආදරණීය ගුරු පියාණන් කෙනෙක් වන ගරු ඔස්වල්ඩ් ෆර්ත් පියතුමා, තමන්ගේ කැඳවීම ඉතාම ආදරයෙන් භාර අරගෙන තමුන්ගේ කොටස හරියට ඉටුකරන්නට කැපවුණු පූජකතුමෙකු බව අප හැමදෙනාම දන්නවා.”
“අවුරුදු 81 ජීවිත කාලය තුළ, වසර 60කට කිට්ටුවන්නට පූජක දිවියක් ගතකර ඒ කැඳවීම ලබාදුන්න දෙවිඳූන් වෙත අද මෙසේ අපේ පියතුමා යලිත් ගමන්කරනවා.”
“උන්වහන්සේ හැමවිටම පූජක පුහුණුවෙි අලුත් මුහුණුවරක් ගැන සිහින මැව්වා. පූජක පුහුණුව , පැවිදි පුහුණුව මේ පොලොව මත පතිත කරන්නට පුලුවන් විදියේ Conceptual formation කියන ඒ සංකල්පයත් එක්ක කටයුතු කරන්න ලැදි බවක් දැක්වූවා. එවැනි දර්ශනයක් සහිත පූජක තුමෙකු අපව පුහුණු කළ ආකාරය පුහුණු කරපු පරිසරය හා ලබාගත් පුහුණුව අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත්කරන් පුලුවන්.”
“ඔබ මෙි ගිහි ජනතාව තුළ සිටින දෙවිදුන් හඳාුනා ගන්න. ඒ හඳුනාගන්නා දෙවිඳාුන් සමග හොඳීන් සම්බන්ධ වෙන්න. ඔබේ කැපවුණු ජීවිතය සම්පුර්ණයෙන් ම වැයකරන්න කියන ඉල්ලීම උන්වහන්සේ හැමවිටම අපට සිහිපත් කළා.” යැයි රොහාන් පියතුමා පැවසීය.
“අපගේ මේ පැවිදි දිවිය තුළ උන්වහන්සේ අපට මිත්‍රයෙක් වුණා. තාත්තා කෙනෙක් වුණා. සහෝදරයෙක් වුණා. අපව දිරිගැන්වුවා. පූජක දිවියේ ස්ප්‍රීතුවෙන් බලගැන්වුවා. ඒ හැමදේකටම
ස්තුතියි පියතුමෙනි.”
“ඔබවහන්සේ අපගෙන් සමුගත්තත්, ඔබගේ වචන, ඔබගේ සුවඳ, අපගේ ජීවිත ඉදිරියට ම රැගෙන යයි. අපේ ජීවිත ප්‍රසන්න ජීවිත බවට පත්කර ගන්නට , මේ සමාජය වඩාත් සාධාරණ යුක්ති සහගත සමාජයක් කරගන්නට, හැමදෙනාටම සාමකාමිව ජීවත්වෙන්නට හැකි ලෝකයක් උදාගකරගන්නට ස්වාමින් වහන්සේ ඉදිරියේ අපි වෙනුවෙන් යදිමින් අපිව ශක්තිමත් කරන්න.” යනුවෙන් ප්‍රකාශ කළේය.
ෆර්ත් පියතුමාගේ අවධාරණය වූයේ කතෝලික පල්ලියේ සමාජ ධර්මය සහ එහි සංකල්පීය සහ ප්‍රායෝගික උපාය මාර්ග Caritas Sri Lanka SEDEC හි දෛනික කටයුතු සහ සේවයට ඒකාබද්ධ කිරීමයි. ඔහු විසින් කතෝලික පල්ලියේ සමාජ ධර්මය පිළිබඳව රදගුරු පදවියේ මධ්‍යස්ථානවලින් තෝරාගත් සජීවිකරණ ශිල්පීන් 700 දෙනෙකු සඳහා ප්‍රධාන පුහුණු වැඩසටහනක් ආරම්භ කළේ ධර්මය මගින් සපයනු ලබන මාර්ග සහ තීක්ෂ්ණ බුද්ධිය භාවිතා කරමින් ඵලදායී සමාජ වෙනසක් සඳහා පහසුකම් සැලසීමේ අදහසිනි.
ෆර්ත් පියතුමා, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ (NAFSO) සහ ජාතික සාම මණ්ඩලයේ (NPC) ආරම්භක සාමාජිකයා විය.
විය.
ඔහු 1973 දී ස්ට්රැස්බර්ග් මානව විද්‍යා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා, ශ්‍රී ලංකාවේ ආයතන ගණනාවක් අධ්‍යක්ෂණය කරමින්, 2004 සිට 2010 දක්වා රෝමයේ සභා දූත මණ්ඩලයේ ප්‍රථම සහකාර ජනරාල්වරයා වූ අතර, බොහෝ දක්ෂතා ඇති අයෙකි.
ඔහු 2011 සිට 2014 දක්වා ඕස්ට්‍රේලියාවේ දේවසේවයේ යෙදී ඇති අතර, CTC හි දර්ශනය පිළිබඳ දේශන පැවැත්වීම සහ ශාන්ත මරියා සෙමනේරියේ සේවය කිරීම ඇතුළුව, ඔහු නැවත වසර 5ක් ශ්‍රී ලංකාවට පැමිණ, පසුව නැවතත් 2019 මාර්තු මාසයේ සිට මාස 18ක් ඕස්ට්‍රේලියාවේ බොහෝ දුරට Dernancourt මීසම තුළ සිය සේවාවන් දියත් කර ඇත.