පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සිරිසේනට රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් , බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වුවන් හට වන්දිගෙවන ලෙසට හිටපු ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු , හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන සහ හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය හට ශ්‍රේෂ්ඨාධීකරණය ඊයේ – ජනවාරි 12දා නියෝග කළේය.
ඒ අනුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුපියල් මිලියන 100ක මුදලක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන රුපියල් මිලියන 75 බැගින් ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මිලියන 50ක මුදලක් ද හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් රුපියල් මිලියන 10ක මුදලක් ද වශයෙන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වුවන් හට වන්දි ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කරණ ලදී.පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ ගොණුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ට අදාළ නඩුවේ අවසන් තීන්දුව ඊයේ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුණි.
