ඉන්දීය යුද නෞකාවක් දිවයිනට – හිරුණි ලක්ෂිකා

ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

මීටර් 124ක් පමණ දිගින් යුත් මෙම යුද නෞකාවේ ආපදාවට ලක් වූ පළාත්වල සවි කිරීම සඳහා තාවකාලික පාලම් 10ක් රැගෙනවිත් ඇති අතර, ඒවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත භාරදීමට නියමිත බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මෙම යුද නෞකාව මෙරට රැදී සිටින කාලසීමාව තුළ දෙරට අතර සුහදත්වය වැඩි දියුණු කරලීම වෙනුවෙන් සංවිධානය කර ඇති වැඩසටහන් සඳහා සහ දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමට ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *