රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට ගන්න අයදුම්පත් කැදවීම අද සිට – හිරුණි ලක්ෂිකා

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම් සදහා පැවැත්වෙන තරග විභාගයට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (05) සිට අයදුම්කළ හැකියි.

ඒ අනුව අද පෙරවරු 09.00 සිට මේ මස 19 වැනිදා පස්වරු 09.00 දක්වා ඒ සඳහා අයදුම් කිරීමට හැකියාව පවතිනවා.

එමෙන්ම රාජ්‍ය සේවයේ නිරත නොවන උපාධිධාරීන්ද ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීමට පැවැත්වෙන තරග විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ මස 20 වනදා පෙරවරු 09.00 සිට මාර්තු මස 05 වැනිදා පස්වරු 09.00 දක්වා ඊට අයදුම් කළ හැකියි.

වසර 07කට අධික කාලයක් පාසැල් වල සේවය කළ ලංකා පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වූ පසුබිමකයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු පුරප්පාඩු පිරවීමට අදාළව තරග විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීමේ දින ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබුණේ.

එම ගැසට් නිවේදන වලට අනුව රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් සඳහා ගුරු විභාගයට පෙනී සිටීමේ වයස් සීමාව 2023 පෙබරවාරි 10 වැනිදාට අවුරුදු 45ට නොවැඩි විය යුතු බවත් රාජ්‍ය සේවයේ නියුතු නොවන උපාධිධාරීන් සඳහා 2023 පෙබරවාරි 10 වන දිනට අවුරුදු 40ට නොවැඩි විය යුතු බවත් සඳහන් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed