78 වන නිදහස් දින සැමරුම හෙට නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වේ .-ටීෂා කාවින්දි

Sri Lankan flag against clear blue sky

78 වැනි ජාතික නිදහස් දින උත්සවය හෙට (පෙබරවාරි 4) පෙරවරුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සරලව සහ අභිමානවත්ව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙයි.
‘ගොඩනගමු ශ්‍රී ලංකා’ තේමාව කරගනිමින් පැවැත්වෙන නිදහස් දින සැමරුම් උත්සවයට දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිතය.
 ජාතික නිදහස් උත්සවය නිමිත්තෙන් හෙට දිනයේදී ද විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වීමට නියමිතයි.
ජාතික උත්සවයට සමගාමීව පළාත්, දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටමින්ද නිදහස් දින උත්සව සංවිධානය කර තිබෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed