Rebuilding Sri Lanka අරමුදලට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් රුපියල් මිලියන 15.5ක මූල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් රුපියල් මිලියන 15.5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

ඊට අදාළ චෙක්පත සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊ‍ය‍ේ – 02 දා පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) කසුන් ජයසූරිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වෙළඳ) චානක දොඩංගොඩගේ යන මහත්වරුද එක්වූහ.

END/GONP/MMP/03022026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed