වසර 11කට පසු උදාවූ සුවිශේෂී පෙබරවාරිය – 2026 වසරේ දුර්ලභ දින දසුන මෙන්න – හිරුණි ලක්ෂිකා

2026 වසරේ පෙබරවාරි මාසය සුවිශේෂී දින දර්ශන රටාවකට අනුව උදාවී තිබෙනවා.

මෙම මාසය ඉරිදා දිනයකින් ආරම්භ වී සෙනසුරාදා දිනයකින් අවසන් වන සති හතරකින් (දින 28කින්) සමන්විත “පරිපූර්ණ මාසයක්” ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙවැනි සුවිශේෂී පෙබරවාරි මාසයක් මින් පෙර හමුවූයේ 2015 වසරේදීයි.

2015 වසරෙන් පසු එළඹුණු මෙම දුර්ලභ අවස්ථාව යළිත් උදාවන්නේ වසර 11කට පසුව, එනම් 2037 වසරේදීයි.

මෙම පෙබරවාරි මාසය තුළ සෑම සතියේ දිනක්ම (සඳුදා සිට ඉරිදා දක්වා) හරියටම සිව් වතාවක් බැගින් යෙදී තිබීම විශේෂත්වයක්.

ලීප් වසරක් (අධික අවුරුද්දක්) නොවන වසරක පෙබරවාරි මාසය ඉරිදා දිනයකින් ආරම්භ වූ විට මෙවැනි චමත්කාරජනක රටාවක් දින දර්ශනය තුළ නිර්මාණය වෙනවා.

බොහෝ දෙනා මෙය “සෘජුකෝණාස්‍රාකාර මාසයක්” (Rectangular Month) ලෙසද හඳුන්වනු ලබන්නේ දින දර්ශනය තුළ එය ඉතා පිළිවෙළට දිස්වන බැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed