නවම් පුර පසළොස්වක පොහොය අදයි – පහන් සිතුමිණ

නවම් පුර පසළොස්වක පොහොය දිනය අද පෙබරවාරි (01) වැනිදාට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ පළමු සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම සහ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා.

එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර විශාලා නුවර චාපාල චේතිය අසලදී අයු සංස්කාරය අත්හැරීම සිදුකර ඇත්තේද මෙවැනි නවම් පොහෝ දිනක බවයි බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන්නේ.

නවම් පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed