සංචාරක කර්මාන්ත නංවන්න තීරණ රැසක් – නිෂිකා හංසනී

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ඒ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතරයි.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට නැරඹුම් ස්ථානවලට පිවිසීම පහසු වනු පිණිස ඩිජිටල් ප්‍රවේශ පත්‍රයක් හඳුන්වාදීම, රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා විධිමත් කිරීම, සංචාරක ගමනාන්ත අතර බස් රථ සේවා ආරම්භ කිරීම ඇතුලු කරුණු රැසක් සාකච්ඡා වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed