නීතිවිරෝධී කැස්බෑ බිත්තර 117ක් සමග අයෙක් නාවික හමුදා භාරයට – හිරුණි ලක්ෂිකා

නීතිවිරෝධී ලෙස කැස්බෑ බිත්තර එකසිය දහ හතක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (28) ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අදාළ සැකකරු නීතිවිරෝධී ලෙස මෙම බිත්තර 117 රැගෙන යමින් සිටියදී මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම මෙහෙයුමෙන් නාවික හමුදා භාරයට ගත් සැකකරු ත්‍රිකුණාමලය තෝපූර් ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ කැස්බෑ බිත්තර තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සේරුනුවර වනජීවී කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed