ලෝක වෙළෙඳපළේ රන් රිදී මිල පහළට – නිෂිකා හංසනී
ලෝක වෙළෙඳපළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,900 සීමාව දක්වා පහළ බැස තිබෙනවා.
මේ අතර රිදී මිල ගණන්ද දැවැන්ත ලෙස පහළ බැස තිබෙනවා.
අද උදෑසන වනවිට ලෝක වෙඳෙපොළේ රන් අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 4,893 යි ශත 2 ක් ලෙසයි.
පසුගිය දිනවල ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 5500 සීමාව ද ඉක්මවා යනු ලැබුවා.
අද වනවිට රිදී අවුන්සයක මිල අ.ඩො. 85.34ක් වන අතර, එය පෙර දිනයට සාපේක්ෂව අ.ඩො. 29.16ක මිල පහළයෑමක් වන අතර ප්‍රතිශතයක් ලෙස 25.46%ක් බව සඳහන්.
රන් මිල නැවත වරක් පහළ යාමත් සමග දේශීය වෙළෙඳපළේ ද රන් මිල පහළ බැස ඇති අතර අද උදෑසන වනවිට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 380,000 ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල රුපියල් 349,600 ක් ලෙසත් දැක්වුණා.
මේ අනුව ගතවූ පැය 48 තුළ රන් සහ රිදී වෙළෙඳපොළෙන් ඩොලර් ට්‍රිලියන 15ක් පමණ ඈවර වී තිබෙන බවයි විදෙස් පුවත් තහවුරු කරන්නේ.
