ප්‍රදේශ රැසකට අදත් තද වැසි – නිෂිකා හංසනී

උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල අද (31) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මුලතිවු, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම ඌව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවටයි සඳහන් වෙන්නේ.

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed