අරමුණු සහගත තිරසර සංවර්ධන ව්‍යාපෘති වත්මන් රජය යටතේ ක්‍රියාත්මක කරනවා – නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

රටේ සංවර්ධන ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරිමේදී ඉදිකිරිම් සමාගම් දේශපාලනඥයින් පසු පස ගිය යුගය සහ දේශපාලන සංස්කෘතිය මේ රජය යටතේ අවසන් කර ඇති බවත්, ජනතාවට සෘජුවම ප්‍රතිලාභ ලැබෙන ජන සහභාගිත්ව නිරසර සංවර්ධන ව්‍යාපෘති  ක්‍රියාත්මක කරම්න් රජය බලාපොරොත්තු වන පොසත් රටක් – ලස්සන ජිවිතයක් ජනඅනුමැති ජාතික ඉලක්කය සපුරා ගැනිමට කටයුතු කරමින් සිටින බවත් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

හෙතෙම මේ අදහස් පළකළේ,  කොළඹ 07 ටොරිංටන් මාවත නිවාස සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු නිළ වශයෙන් ආරම්භ කිරිමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

ප්‍රවාහන,නාගරික සංවර්ධන අමාත්‍ය සහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්තායක මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරිම් වසර 2කින් අවසන් කිරිමට සැලසුම් කර ඇත. පර්චස් 91 භූම් ප්‍රදේශයක, මහල් 11කින් සමන්විතව ඉදි වන මෙම නිවාස සංකීර්ණය සදහා ඇස්තමේන්තු ගත පිරිවැය රු.මිලියන 1619.18 කි.

2014 වසරේ ඉදිකිරිම් ආරම්භ කර අවස්ථා 03ක දී, අතර මග නවතා දමා අතහැර තිබු මෙම  ව්‍යාපෘතිය, වර්තමාන රජය යටතේ, නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජිවන නිවාස ව්‍යාපෘතිය යටතේ යලි ඉදිකිරිම් ආරම්භ කර ඇත.

ටොරිංටන්, 189 වත්ත ජනතාව ඇතුලු ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි ජනතාව වෙනුවෙන් ප්‍රතිලාභි නිවාස එකක 115ක් මෙම නිවාස සංකීර්ණය නිම කිරිම තුළින් ලබා දීම සිදු කෙරේ.

මෙහිදී පැමිණි සිටින පිරිස අමතා වැඩි දුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවවරයා, ආණ්ඩුව, ජනතාව දුන් ජනවරම ක්‍රියාත්මක කරමින් මුලික අවශතා හදුනාගෙන සියලු රාජ්‍ය ආයතන එකාබද්ධ වැඩ පිළිවෙලක් තුළින් ග්‍රාමීය නාගරික ජනතාවගේ ජිවන තත්වය නැංවීමට රජය විසින් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ජන වරම අනුව ආයතන මෙහෙයවනවා. පසුගිය පාලන යුගවල දේශපාල ,ආර්ථික වංචා දූෂණ නිසා රටේ ජනතාවට ලැබිය යුතුව තිබු ප්‍රතිලාභ රැසක් අහිමි වුණා. නමුත් මේ රටේ ප්‍රගතශිලි ජනතාව පත් කරගත් මාලිමා ආණ්ඩුව යටතේ රටේ දරුවන්ගේ ජිවිතවල මල් පිපෙනවා බලන්න වගකිමක් මෙන්ම බල කිරීමක් තියෙනවා. ජන වරමට වග කියමින් රට මෙහෙයවනවා. එම නිසා කිසිදු ව්‍යාපෘතියක් ගැන සැක සංකා තියාගන්න එපා. ධනය , බලය, දේශපාලන හිතවත්කම් මත ප්‍රතිලාභ වරප්‍රසාද ලබා දුන් ඉතිහාය දැන් අවසන් කර තිබ‍ෙනවා. ඉතිහාය මතක් කරන්න ඕනේ, ඒවා යලි ඇති නොවිම සදහයි, අපි ජනතාවට වග කියන රජයක් ලෙස සංවර්ධන ප්‍රතිලාභ ලබා දෙන්නේ බදු ගෙවන ජානතාවටයි. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේදී හා ප්‍රතිලාභ ලබාදිමේදී දේශපාලනය ආදාළ කරගන්නේ නැහැ.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිතිඥ ලක්මාලි හේමචන්ද්‍ර,  කොළඹ නගරසභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් , නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු එම්.ජි. හේමචන්ද්‍ර යන මහත්ම මහත්මිහු සහ රාජ්‍ය නිළධාරින්ද ප්‍රදේශවාසි ජනතාව ඇතුලු විශාල පිරිසක් එක්ව සිටිය හ.

END/GONP/MMP/30012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed