මිලාන් ප්‍රියදර්ශන පියතුමාට පහරදීමේ සිදුවීමට අදාළ පොලිස් නිලධාරීට ඇප!
මේ මස 24 වැනි දින රාත්‍රීයේ දී, ගම්පහ පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් පිරිසක් විසින් කිරිඳිවිට ප්‍රදේශයේදී සිය යතුරුපැදියෙන් ගමන්කරමින් සිටි මිලන් ප්‍රියදර්ශන නමැති කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් 06 දෙනා ඇපමත මුදා හරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සීලනි පෙරේරා මහත්මිය ඊයේ නියෝග කළේය.
ඊට අදාළ නඩුව ඊයේ , එනම් ජනවාරි මස 29 වන දා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අතර, එක් පොලිස් නිලධාරියෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප මත මුදහරින ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේය.
එලෙසම එම සැකකාර පොලිස් නිලධාරින් 06 දෙනාගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර ඔවුන්ගේ වැඩතහනම ද තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළේය.
