පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්ට තර්ජනය කල අජිත්ට ඇප – ප්‍රසාද් පුර්ණමාල්
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා ට දුරකතනයෙන් කතා කර තර්ජනය කර බිය ගැන්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ
ස්වාධින කණ්ඩායමේ සභික අජිත් පද්මසිරි මහතා ට රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් මත ඇප ලබා දුන් හලාවත මහේස්ත්‍රාත් හා දිසා අධිකරණය
සෑම සති දෙකකට වරක් අගහරුවාදා දිනයේ මහේස්ත්‍රාත් අද්ගිකරණයේ රෙජිස්ටාර් වරයා ඉදිරියේ අත්සන් කරන ලෙසටද නියෝග කරන ලදී
තමනට තර්ජනය කර අසත්‍ය චෝදනා එල්ල කරමින් සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදා හැර ඇති බව සදහන් කරමින් ජාතික ජන බල වේගයේ පුත්තලම දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා විසින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ස්වාධින කණ්ඩායම් නායක හා සභික අජිත් පද්මසිරි යන අය විරුද්ධව හලාවත
පොලිසියට කරන ලද පැමිණිල්ල ච්ිමටසහ් 18 වැනි දින විභාග කල අතර දෙපාර්ශවයම සමතයකට එකග නොවීම හේතුවෙන් මේ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට
හලාවත පොලිසිය පියවර ගෙන තිබිණි .
හලාවත බංගදෙනිය ලුණු ඔය ආසන්නයේ වසර පහකට වැඩි කාලයක සිට දිවා රාත්‍රි සිදුකරන වැලි කැපීමක් හා ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව
ප්‍රාදේශීය සභාවේ ස්වාධින සභික අජිත් පද්මසිරි මහතා විසින් සමාජ මාධ්‍යට වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ මෙය ජාවාරමක් බවයි . මේ සදහා දේශපාලකයන්
හා නිලධාරීන් සම්බන්ධ බව එහි සදහන් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා බලයට පැමිණීමට පෙර මෙයට විරුද්ධ වූ නමුත් බලයට පැමිණි පසු මෙය
කරගෙන යාමට අනුබල ලබා දෙන බවද ප්‍රකාශ කර තිබිණි . ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා ප්‍රකාශ කලේ තමනට වට්සැප් පණිවිඩයක් යොමු
කරමින්ද අජිත් පද්මසිරි තර්ජනය කල බවයි . මේ සම්බන්ධයෙන් තමන් පසුගිය 13 වැනි දින හලාවත පොලිසියට පැමිණිල්ලක් කල බවද පැවසිය .
මේ පිලිබදව කල විමසීමේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභික කියා සිටියේ දදුරුඔයෙන් සාමාන්‍ය වැලි ප්‍රවාහනය කල නොහැකි බවට ශේෂ්ධාධිකරණ ත්න්දුවක්
ඇති බවයි . එම තීන්දුවද නොසලකමින් මේ වැලි ජවාරම සිදුකරන අතර තමන් මේ ස්ථානයෙන් 13 වැනි දින අලුයම වැලි ලොරි පනහකට වැඩි ප්‍රමාණයක් දැදුරුඔය
පාලම මතින් ගමන් කරන බව දුටු වහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහා කලත් එය අසාර්ථක වීම නිසා පොලිසිය දැනුවත් කල
බවයි .එහි ප්‍රතිපලයක් ලෙස හලාවත පොලිසිය විසින් වැලි ලොරි 03ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒ අනුවම පෙනී යන්නේ මෙය ජාවාරමක් බවද හෙතෙම පැවසිය .
අද 29 අජිත් ගිහාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ බොරු චෝදනා කරමින් සමාජ මාධ්‍ය හරහා සිදු කරන අපහස කිරීම් හා තර්ජනය කිරීම් සම්බන්ධයෙන්
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ගොස් පැමිණිලි කරන බවයි .
