කච්චතිව් මංගල්‍යය පෙබරවාරි 27 සහ 28 දා – හිරුණි ලක්ෂිකා
කච්චතිව් දූපතේ පිහිටි සාන්ත අන්තෝනි දෙව්මැදුරේ වාර්ෂික මහා මංගල්‍යය ලබන මස 27 සහ 28 යන දිනවල පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ඊයේ යාපනය දිස්ත්‍රික් ලේකම් මරදලිංගම් ප්‍රදීපන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත් වුණා.
මෙරට සහ ඉන්දීය බැතිමතුන් 25,000 ක් පමණ මෙවර අපේක්ෂා කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
