වෘත්තීය ක්‍රියාමාර්ග ගනිමින් තමන් ළඟට පැමිණෙන රෝගීන් අපහසුතාවයට පත් කරන්න එපා – කැබිනට් ප්‍රකාශක
දිට්වා සුළි කුණාටුවෙන් පසු රට ගොඩනැගෙන අවස්ථාවක වෘත්තීය ක්‍රියාමාර්ග ගනිමින් තමන් ළඟට පැමිණෙන රෝගීන් අපහසුතාවයට පත් නොකරන ලෙස කැබ්නට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩවර්ජන සිදුකරන වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ – 27 දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉතාම කුඩා කල්ලියක් විසින් විවිධ අරමුණු ඔස්සේ මෙහෙයවන වැඩවර්ජන සහ වෘත්තීය ක්‍රියාමාර්ග වලට සම්බන්ධ නොවන ලෙස සියලුම වෛද්‍යවරුන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
වෛද්‍යවරු ඇතුලු රටේ සමස්ථ රජයේ සේවකයන්ට මෙම මාසයේ මූලික වැටුප් වැඩිවීමක් සිදුකර ඇතැයිද, මෙම වසරේ මූලික වැටුප් වැඩිකිරීමට පමණක් රුපියල් බිලියන 220ක් වැයවූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
2025 වසරේ මූලික වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 110ක් වැයවූ බවද ලබන වසරේ රුපියල් බිලියන 330ක් මේ සදහා වැය වන බවද පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා මෙය සමස්ථ වැටුප් වැඩි කිරීමට නොව වැටුප් වැඩි කිරීම සදහා අමතර වශයෙන් වැය වන බවද පෙන්වා දුන්නේය.
මෙම වැටුප් වැඩි කිරීම් සිදුකරන්නේ රටේ ආර්ථික තත්ත්වයට සාපේක්ෂව බවද රට ගොඩනැගීමට ඇති බවද සිහිපත් කළ අමාත්‍යවරයා රාජ්‍ය අංශයෙන්, පෞද්ගලික අංශයෙන්, සාමාන්‍ය ජනතාව, කුඩා දරුවන් කැටවල එකතු කළ මුදල්, වතුකරයේ ජනතාවගේ මුදල් ආදී වශයෙන් විවිධ පාර්ශවයන්ගෙන් රට ගොඩනැගීම සදහා රී බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට මුදල් හිමිවන බවද පැවසුවේය.
ලොව විවිධ රට වලින්ද ආධාර ලැබෙමින් පවතින බව සිහිපත් කළ අමාත්‍යවරයා මෙවැනි වෙලාවක රෝගීන් සහ තමන්ගේ සහෝදර වෛද්‍යවරු ප්‍රාණ ඇපයට තබාගෙන වැඩ වර්ජන පවත්වා ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමට සිතන්නේ නම් එය කිසිසේත් රට පැත්තෙන් සාධාරණ නැතැයිද පැවසුවේය.
