උතුරු පළාතේ පාසල් සඳහා යොවුන් නව නිපැයුම් සහ විද්‍යා සමාජ 172ක් ස්ථාපිත කෙරේ

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සංවිධාන කළ වැඩසටහනක් යටතේ උතුරු පළාතේ වව්නියාව, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කවල පාසල් සඳහා යොවුන් නව නිපැයුම් සමාජ සහ විද්‍යා සමාජ 172ක් පිහිටුවීම පසුගිය (23) දින වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරිණි.

ජාතික නවෝත්පාදන පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC) මූලිකත්වයෙන් පාසල් සිසුන් අතර නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනය පෝෂණය කිරීම සඳහා පාසල් තුළ තරුණ නව නිපැයුම්කරුවන්ගේ සමාජ (Young Inventors’ Clubs – YIC) පිහිටුවීමේ නව වැඩසටහනක් මේ වන විටත් ආරම්භ කර තිබේ.

එමෙන්ම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික විද්‍යා පදනමේ මෙහෙයවීමෙන් පාසල් විද්‍යා සමාජ (Science Societies – SSS) ස්ථාපිත කිරීමද සිදු කෙරුණි. සමාජය තුළ විද්‍යාව ප්‍රචලිත කිරීම, පාසල් සිසුන් තුළ විද්‍යා අධ්‍යාපනය ජනප්‍රිය කිරීම, STEM අධ්‍යාපනය ඇතුළු විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට පාසල් ප්‍රජාව ක්‍රියාකාරීව සම්බන්ධ කර ගැනීම මෙම පාසල් විද්‍යා සමාජ ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණු ලෙස සඳහන් වේ.

END/GONP/MMP/28012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *