ප්‍රංශයේ ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් වන ලකුණු – නිෂිකා හංසනී
ප්‍රංශයේ අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
අදාළ යෝජනාව ප්‍රංශ ජාතික සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා පහළ මන්ත්‍රී මණ්ඩලයේ එකඟතාව ලැබී ඇති බව වාර්තා වේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ද මෙම යෝජනාවට සහාය පළකර ඇති බව සඳහන්ය.
පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතියෙන් අනතුරුව මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවේ අනුමැතිය ලබා ගත යුතු වේ.
ස්නැප් චැට්, ඉන්ටර්ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ ජාලා වයස අවුරුදු 15ට අඩු ළමුන්ට ප්‍රවේශ වීම තහනම් කිරීම මෙම නව නීතියේ අරමුණ බව වාර්තා වේ.
