ශිරන්ති රාජපක්ෂට එෆ්.සී.අයි.ඩීයෙන් අද කැඳවීමක් – නිෂිකා හංසනී
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද (27) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ, සිරිලිය ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචාවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළ විමර්ශනයක් සඳහායි.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දීම කිසියම් දේශපාලන අරමුණක් මත සිදුකළේද යන්න සැකයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළා.
මන්ත්‍රිවරයාව මෙලෙස කැඳවා තිබුණේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පවත්වා ඇත්දැයි සිදුකරන විමර්ශනයකට අදාළවයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඊයේ ඉන්දියාවේ ජනරජ දින සැමරුමකට සහභාගි වන බවට පොලිසිය හා අධිකරණය දැනුවත් කර තිබියදී මෙවැනි කැඳවීමක් ලැබීම පුදුමසහගත බවයි.
