පාලන මිල ඉක්මවා 360ට කීරි සම්බා විකුණු මුදලාලිට වැඩ වරදී – නිෂිකා හංසනී

පාලන මිලට වඩා වැඩි මිලකට දේශීය කිරී සම්බා සහල් විකුණු බව කියන සිද්ධියට අදාළව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අත්අඩංගුවට ගත් වෙළඳසල් හිමිකරුවකුට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂ 2ක දඩ මුදලක් පසුගිය (23) නියම කළා.

ඒ ගම්පහ මහේස්ත්‍රාත් ධම්මික ඔඩුව විතාන හමුවේදී ,

මෙලෙස දඩ මුදල් නියම කරනු ලැබුවේ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ පෞද්ගලික වෙළඳසලක හිමිකරුවකුහටයි.

පාලන මිලට වඩා වැඩි මිලට දේශිය කිරී සම්බා සහල් විකිණීම සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදේශයේ පදිංචි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙලෙස නියෝග කරනු ලැබුවා.

සිද්ධියට අදාල සැකකරුට කීරි සම්බා සහල් කිලෝ එකක මිල රුපියල්
260ක් ව තිබියදී රුපියල් 380කට පාරිභෝගිකයාට අලෙවි කර තිබීම යටතේ සැකකරුට චෝදනා ගොනු කර තිබුණා.

කිසිම සැපයුම්කරුවෙකු නිෂ්පාදකයෙකු ,සාදන්නෙකු ,බෙදා හරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් කිරී සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලට මිල රුපියල් 260/= වැඩියෙන් වෙළඳාම් කිරීම, සැපයීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට නියම කර තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ලද තොරතුරුට අනුව කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු විවෘත අධිකරණයේදී වරද පිළිගැනිම හේතුවෙන් එලෙස දඩ මුදල් නියම වුණා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සිද්ධියට අදාළ සැකකරුට රුපියල් ලක්ෂ 2ක දඩ මුදලක් නියම කළා.

සිද්ධියට අදාල මෙම සැකකරුට පෙර වැරදි ඇති බවද අධිකරණයේදී හෙළි වූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *