දිට්වා වින්දිතයින්ට නිවාස හදන්න ඉඩම් පරිත්‍යාගශීලී ජනතාවට අවස්ථාව – හිරුණි ලක්ෂිකා

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමිවූවන් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ඉඩම් පරිත්‍යාග කිරීමට දිවයින පුරා පරිත්‍යාගශීලි ජනතාවට අවස්ථාව ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ආපදාවෙන් පූර්ණ නිවාස හානි සිදු වූ පවුල් සඳහා නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වන අතර එම නිවාස ඉදිකර දීම සඳහා අවශ්‍ය ඉඩම් මෙලෙස පරිත්‍යාග කිරීමටයි අවස්ථාව ලබාදී ඇත්තේ.

ඒ අනුව www.rebuildingsrilanka.gov.lk යන වෙබ් අඩවියෙන් හෝ 1800 යන දුරකථන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.

එමෙන්ම, ඉඩම් පරිත්‍යාගශීලීන්ගේ තොරතුරු 011 2 331 246 යන ෆැක්ස් අංකයට ද යොමු කළ හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *