විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් හෙට හදිසියේම නොරොච්චෝලෙට – හිරුණි ලක්ෂිකා
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (27) දින නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය (ලක්විජය බලාගාරය) නිරීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් මීට එක්වන බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන්ම පසුගිය දිනවල ගල් අඟුරු සම්බන්ධයෙන් විවිධ කතා පැතිර යද්දී ඒ පිළිබඳව නිවැරදි තත්ත්වයන් සොයා බැලීම අරමුණු කරගෙන මෙම විපක්ෂ මන්ත්‍රීවරුන් නොරොච්චෝලේ ගමන සැලසුම් කර තිබෙන බවයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වන්නේ.%MCEPASTEBIN%
