Rebuilding Sri Lanka අරමුදලට RIL Property PLC වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්!
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට RIL Property PLC විසින් රුපියල් මිලියන 10ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.
ඊට අදාළ චෙක්පත RIL Property PLC හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි එම්. සී. වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ (23) පිළිගන්වනු ලැබීය.
RIL Property PLC හි ප්‍රධාන මූල්‍ය නිලධාරි ඩබ්ලිව්. ඒ. ඉඳුනිල් පෙරේරා, සහකාර නඩත්තු ඉංජිනේරු කසුන් අනුරංග යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
