Rebuilding Sri Lanka වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය අඛණ්ඩව

Rebuilding Sri Lanka වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය අඛන්ඩව ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්ච් ( Marc-Andre Franche) මහතා පවසනවා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා සමග ඊයේ (23) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති හමුවකදී අන්ඩ්‍රේ ෆ්‍රැන්ච් මහතා මේ බව සඳහන් කළේය.

ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත පිලිප් වෝර්ඩ්(Philip Ward) මහතා, උප නියෝජිත රොබර්ට් ඔලිවර් (Robert Oliver) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද මෙම අවස්තාවට එකව සිටියහ.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සහ ආපදාවට ලක්වූ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන්  දැක්වූ සහය මෙන්ම පශ්චාත් ආපදා කළමනාකරණයට හා ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබාදෙන සහය වෙනුවෙන් අමාත්‍ය උපාලි පන්නිල මහතා සිය ස්තූතිය පුද කළා.

එහිදී අදහස් දක්වමින් අන්ඩ්‍රේ ෆ්‍රැන්ච්  මහතා Rebuilding Sri Lanka වැඩසටහන සඳහා තම සංවිධානයේ සහය අඛන්ඩව ලබාදීමට කටයුතු කරන බවත් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ පොදු දේපළ යථා තත්වයට පත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවත් සඳහන් කළා.

එම හමුවේදී පශ්චාත් ආපදා කළමනාකරණය, විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම පිළිබඳව එහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කළා.

මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. රුෂාන්දන් මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

END/GONP/MMP/24012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *