සංක්‍රමණික සෞඛ්‍ය තක්සේරු මධ්‍යස්ථානය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරික්ෂණයට
විදේශයන්හි සිට මෙරටට පැමිණෙන විදේශික සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් තක්සේරු කිරීමේ මධ්‍යස්ථානය ලෙස කටයුතු කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන අංශයට සහ ආගමන විගමන අංශයට සම්බන්ධ බොරැල්ලේ පිහිටි Inbound Health Assessment Centre (IHAP) (සංක්‍රමණික සෞඛ්‍ය තක්සේරු මධ්‍යස්ථානය) පසුගියදා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ හදිසි නිරික්ෂණයට ලක් විය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංක්‍රමණ ආයතනයක් වන International Organization for Migration (IOM) ආයතනයේ අධීක්ෂණය යටතේ සංක්‍රමණික සෞඛ්‍ය තක්සේරු මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ.
(IOM) ආයතනය මගින් මෙරට තුළ ව්‍යාප්තිය වීමේ අවධානමක් ඇති රෝග පාලනයට සහ සංක්‍රමණයට අදාළ පුළුල් පරාසයක ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට තාක්ෂණික සහාය ලබාදෙන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිවලට සහ දැක්මට අනුකූලව අවශ්‍ය කටයුතු සඳහා දායකත්වය සපයනු ලබයි.
සංක්‍රමණික සෞඛ්‍ය තක්සේරු මධ්‍යස්ථානය මගින් සිදු කරනුයේ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශකයින් (සංචාරක වීසා හැර) වීසා ලබා ගැනීමට ප්‍රථමව සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කරන ලද රෝග සඳහා වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම වන අතර, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සංක්‍රමණික සෞඛ්‍ය තක්සේරු මධ්‍යස්ථානය තුළ එම කටයුතු වර්තමානයේ සිදු කෙරෙන ආකාරය පිළිබඳවත්, එම මධ්‍යස්ථානයේ ඉදිරි සැලසුම්, අභියෝග සහ ගැටළු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරන ලදි.
මෙම මධ්‍යස්ථානය ක්ෂය රෝගය, බරවා රෝගය, මැලේරියා රෝගය සහ ඒඩ්ස් රෝගය යන රෝග සඳහා දැනට අනුමත පරීක්ෂණ සිදු කරනු ලබයි.
දිනකට විදේශිකයන් 100 ක් පමණ පරීක්ෂා කිරීම මෙම ආයතනය හරහා සිදුකරන බවත්, පසුගිය වසර 05 ක කාලය තුළ මෙම ආයතනය මගින් ලංකාවට දිගුකාලීන වීසා ලබා ගැනීමට පැමිණි විදේශිකයන් ලක්ෂ 103618 පමණ පරීක්ෂා කොට තිබෙන බවද මෙම නිරීක්ෂණයේ දී තහවුරු විණි.
ඒ අතරින් ශ්‍රී ලංකාව තුළ තුරන් කර ඇති රෝග දෙකක් වන බරවා සහ මැලේරියා රෝග අතරින් බරවා රෝගීන් 2000 කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවෙන් හඳුනාගෙන ඇති බවත්, මැලේරියා රෝගීන්ද පරීක්ෂාවෙන් හඳුනාගෙන අදාළ අංශ වෙත යොමු කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.
එමෙන්ම ඒඩ්ස් රෝගීන් 100 කට වැඩි ප්‍රමාණයක් සහ ක්ෂය රෝගීන් 80 කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන අදාළ ප්‍රතිකාරවලට යොමු කර ඇති බව ද එම මධ්‍යස්ථානයේ නිලධාරින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.
මෙම මධ්‍යස්ථානය ඉදිරියේදී විදේශිකයන්ට පමණක් නොව විදේශීය රටවල පදිංචිව සිට හෝ රැකියා කර මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය පවා පරීක්ෂා කිරීමට දායකත්වය සැපයිය යුතු බවට ආයතනයේ නිලධාරින් පෙන්වා දෙන ලද කරුණු පිළිබඳව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය මෙහිදී යොමු විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන අංශයේ අධ්යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ, විශේෂඥ වෛද්‍ය දිල්හානි සමරසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආගමන විගමන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රසාද හේරත්, IOM ආයතනයේ ප්‍රධාන ආගමන විගමන නිලධාරී වෛද්‍ය සීමියෝනෙට්ටෙ ද අසිස් ඇතුළු Inbound Health Assessment මධ්‍යස්ථානයේ වෛද්‍ය අචිනි ජයතිලක යන මහත්ම මහත්මීන් සහ කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.
