දේශීය රන් මිලේත් දැනෙන වෙනසක් – හිරුණි ලක්ෂිකා
ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිලෙහි සිදුවන තියුණු වෙනස්වීම් හේතුවෙන් මෙරට රන් වෙළෙඳපොළ ද දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
පසුගිය දින කිහිපය තුළ දේශීය රන් මිල පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ද, එය ස්ථාවර මට්ටමක නොපවතින බවයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
පසුගිය බ්‍රහස්පතින්දා (15) මෙරට වෙළෙඳපොළේ රන් මිල වාර්තා වූයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 365,000 ක් ලෙසින් සහ කැරට් 22 රන් පවුමක් රුපියල් 334,000ක් ලෙසයි.
ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ 2026 වසර අවසන් වන විට රන් මිල තවදුරටත් ඉහළ ගොස්, රන් අවුන්සයක මිල ඩොලර් 5,000 සීමාව පසු කරනු ඇති බවයි.
2025 වසරේදී රන් මිල 55% කින් පමණ ඉහළ ගිය අතර, එය ඉතිහාසයේ රන් මිල ඉහළ ගිය වාර්තාගත වසරක් ලෙස සනිටුහන් වුණා.
