කොළඹ වරාය නගර පරිශ්‍රයේ “ ෆුඩ් හාර්බර්” නිල වශයෙන් විවෘත කෙරේ!

කොළඹ වරාය නගර පරිශ්‍රයේ ( Port City ) “ ෆුඩ් හාර්බර්” ව්‍යාපෘතිය නිල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, පසුගියදා එක්විය.

අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ චීන මහ තානාපති හේ.එ. චි ෂෙන්හොං මහතා ඇතුලු විශේෂ ආරාධිතයන් පිරිසක් එක්ව සිටියේය.

“ෆුඩ් හාර්බර්” ව්‍යාපෘතිය සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම, ව්‍යාපාරික අවස්ථා පුළුල් කිරීම සහ රැකියා අවස්ථා බිහි කිරීම සඳහා වැදගත් වන බව අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර මට්ටමේ විවෘත ආහාර පාන මධ්‍යස්ථානය වන “ ෆුඩ් හාර්බර්” ජනවාරි 16 සිට ජනතාවට විවෘත වේ.

END/GONP/MMP/19012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *