අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවත්, කිසිදු ලෙසකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළන්න කටයුතු නොකරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

දිට්වා සුලිකුණාටුවෙන් ආපදාවට පත් පාසල් නිරීක්ෂණයෙන් අනතුරුව,ඊයේ (16) දින හලාවත ශ්‍රී විජයාරාමයේ විහාරාධිපති හා වයඹ පළාත් උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය සුමනසිරි ස්වාමීන් වහන්සේ බැහැදැක, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පැහැදිළි කිරීමක් සිදු කළ බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කාලීන අවශ්‍යතාවක් වන අතර, ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් ජනතාව මුලාවට පත් කරමින් මෙම වැදගත් ප්‍රතිසංස්කරණ නතර කිරීමට උත්සාහ දරන බවයි. එවැනි ක්‍රියා මඟින් අසාධාරණයට පත්වන්නේ තමන්ගේම දරුවන් බව ජනතාව අවබෝධ කරගත යුතු බවද ඇය පැවසුවාය.

එමෙන්ම දිට්වා සුලිකුණාටුව හේතුවෙන් හලාවත ප්‍රදේශයට විශාල හානි සිදු වී ඇති අතර, හලාවත රෝහලේ ඖෂධාගාරයටද දැඩි හානි සිදු වී ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යතුමිය, එය නැවත ගංවතුරට හසු නොවන ආකාරයට යථා තත්ත්වයට පත් කිරීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කළාය.

END/PMMD/MMP/17012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *