“අධිෂ්ඨානයේ මහිම” වාරි ව්‍යාපෘතිය යටතේ බදුලුඔය ව්‍යාපාරයෙන් දියවර නිකුත් කෙරේ
බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශයට පත්වූ වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක “අධිෂ්ඨානයේ මහිම” වාරි ව්‍යාපෘතිය යටතේ, බදුලුඔය ව්‍යාපාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කර ඊයේ (16) දින කෙත් යාය සඳහා පළමු දියවර නිකුත් කෙරිණි.
වියලුව ප්‍රදේශයේ පිහිටි මෙම මහා වාරි ව්‍යාපාරය හරහා අක්කර 1,775ක් වගා කටයුතු සඳහා යොදාගැනීමට හැකි වන අතර, මහ කන්නයේ කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට මෙය විශාල ශක්තියක් වේ.
වාරි මාර්ග දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, යුධ හමුදාව, මහා සංඝ රත්නය, ගොවි සංවිධාන සහ ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ මේ එකමුතු උත්සාහය කෘෂිකර්මාන්තයේ නව ආරම්භයකි.
