19න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අද – හිරුණි ලක්ෂිකා
19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අද (17) පැවැත්වෙනවා.
ඒ, ජපාන කණ්ඩායමට එරෙහිවයි.
නැමීබියාවේදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර ඊයේ පැවති ඔස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින මෙරට සම්භවයක් සහිත නිටේෂ් සැමුවෙල් අයර්ලන්තයට එරහිව ලකුණු 77ක් නොදැවී ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
