ඊෂි කෑෂ් ක්‍රමයට අයිස් බෙදා හැරී ඩුබායි අඩා ගේ දෙකක් අල්ලයි – ප්‍රසාද් පුර්ණමාල්

 

 

 

 

 

ඊෂි කෑෂ් ක්‍රමයට අයිස් මත්ද්‍රවය බෙදා හරිනු ලබන ජාත්‍යන්තර මත්ද්‍රවය ජාලයකට සම්බන්ධ දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්638 සමග අත්අඩංගුවට ගැනීමට
කොස්වත්ත පොලිසියේ නිලධාරීන් සමත්ව ඇත .

එක් සැකකරුවෙකු ප්‍රධාන පෞද්ගලික රෝහලක සේවකයෙක්

16 පස්වරුවේ මේ වැටලීම සිදු කර ඇත . “ඩුබායි අඩා “යන අනවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු මේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ සිටින බව මේ වන
විට පොලිසිය අනාවරණය කර ගෙන තිබේ . වෙන්නප්පුව හාල්දඩුවන කාරනාවත්ත ප්‍රදේශයේ කුලී නිවසක කල සෝදිසි මෙහෙයුමකදී මේ අත්අඩංගුවට ගැනීම
සිදු කර ඇත .

අයිස් උරන්න මුදල් නෝට්ටු ඔතලා

අත්අඩංගුවට පත් අයිස් වල වටිනාකම රුපියල් ලක්ෂ හැත්තැවකට ආසන්න බව නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතා දිනමිණ ට පැවසිය .
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා ද අයිස් වලට ඇබ්බැහි වුවන් ලෙස හදුනාගෙන ඇති අතර ඔවුන් අයිස් ගැසීම සදහා භාවිතා කර ඇත්තේ මුදල් නෝට්ටු වීම විශේෂයි
එලෙස යොදාගන්නා ලද රුපියල් පන්සියයේ ,සියයේ හා විස්සේ නෝට්ටු කීපයක්ද පොලිස් භාරයට ගෙන ඇත .
අත්අඩංගුවට පත් සැකකරුවන් මතුගම බදුරලිය හා හාල්දඩුවන යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 32 හා 31 යන වයස් වල පසුවන්නන් බව කොස්වත්ත පොලිස් ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක සනත් චමින්ද මහතා පැවසිය .මතුගම බදුරලිය ප්‍රදේශයේ පදිංචිකරු දිවයිනේ ප්‍රධානතම පෞද්ගලික රෝහලක සේවය කරමින් මේ ලැගුම් හල මාසික
කුලිය මත ලබාගෙන මේ ජාවාරම සිදු කර ඇත . මේ සදහා හාල්දඩුවන ප්‍රදේශයේ සැකකරු ද හවුල් වී තිබේ .
මේ ස්ථානයෙන් වෙන්නප්පුව ,දන්කොටුව ,මාරවිල ,පන්නල ඇතුළු ප්‍රදේශ කීපයකට මත්දෙව්‍ය බෙදා හැර ඇත්තේ ඊෂි කෑෂ් ක්‍රමයට පමණක් වීම විශේෂයි .මේ ලැගුම් හලේ
තිබී මුද්‍රා තැබීමේ යන්ත්‍රයක් හා ඉලෙක්ට්‍රොනික තරාදියක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත .

සැකකරුවන් හෙට මාරවිල අධිකරණයට

හලාවත ජෞශ්ධ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතාගේ මෙහෙයවීම මත
කොස්වත්ත පොලිස් ස්ථානාධිපති සනත් චමින්ද උප පොලිස් පරීක්ෂක විජේසිරි ,පොලිස් සැරයන්වරුන් වන 41373 මිල්රෝයි , 63476 ජයසිංහ,
පොලිස් කොස්තාපල්වරුන් වන 96502 දනුෂ්ක 107437 කාරියවසම් 107280 ගීතාංජන යන නිලධාරීන් මේ වැටලීම සිදු කර ඇත .

සැකකරුවන් 18 දිනයේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *