කාන්තා කොමිසම ක්‍රියාත්මක කිරීම සඳහා කාන්තාවන් 135+ ක් ජනාධිපතිවරයාට ලියති!

Commission là gì

2026 ජනවාරි 13

අනුර කුමාර දිසානායක මහතා.

ගරු ජනාධිපති, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 1.

ගරු ජනාධිපතිතුමනි,

පහත අත්සන් කර ඇති අපි, හදිසි අවශ්‍යතාවයක් ලෙස මෙසේ ඔබ අමතමු.

පසුගිය මාස කීපය තුළ, කාන්තාවන්ට එරෙහි හිංසනය වැඩි වූ බවක්, ලංකාවේ ජීවත්වන විවිධ ජන කණ්ඩායම් සමග ක්‍රියාකාරීව වැඩ කරන, දේශපාලන ක්‍රියාකාරීන් වන අපේ අවධානයට ලක්වී ඇත. නිවසේදී, රාජකාරී ස්ථානයේ දී, පොදු ස්ථානවලදී මෙන්ම මාර්ගගත සන්නිවේදන ක්‍රම මගින් ද බාධාවකින් තොරව මෙය සිදුවේ. ඔබේ රජයේ අගමැතිතුමිය පවා ලිංගිකත්වය පදනම් වූ, මාර්ග ගත අපයෝජනයට හා හිංසනයට ලක්වී සිටී. මෑතකදී, ස්වස්ථිකා අරුලිංගම් ඇතුළු විවිධ කාන්තාවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ගේ ලිංගිකත්වය මත පදනම් වූ වාචික හිංසනයට ලක්විය.

ජාතික කාන්තා කමිටුවට, වෙනත් වගකීම් වලට අමතරව, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සීමා කරන මෙවැනි සිද්ධීන් පිළිබඳව පැමිණිලි බාර ගැනීමට මෙන්ම ඒවා පිළිබඳව සොයා බැලීමට බලතල ඇති බැවින්, ඉහත කරුණු පිළිබඳව පැමිණිලි කිරීම සඳහා ඔබ විසින් මෑතකදී පත් කරන ලද ජාතික කාන්තා කමිටුව ඇමතීමට අපි උත්සාහ කළෙමු. කොමිසම හා සම්බන්ධ වීමේ කිසිම ක්‍රියාමාර්ගයක් සොයා ගැනීමට අප අපොහොසත් වූ අතර වැඩිදුර සොයා බැලීමේදී, ඉතාම විශ්වාසදායි ලෙස දැනගැනීමට ඇත්තේ, මෙම කොමිසම කඩදාසියකට පමණක් දැනට සීමා වී ඇති බවයි. කොමිසමට මූල්‍ය ප්‍රතිපාදන, කාර්යාලයක්, සේවකයින් හෝ ක්‍රියාකාරී වීමට අවශ්‍ය වෙනත් සම්පත් ලබාදීී නැත. අඩුම වශයෙන් එයට නිල මුද්‍රාවක්ද නැත.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ, කොමිසමේ තොරතුරු ඉල්ලා එම්. ජුවේරියා විසින්, ඔබේ කාර්යාලයට ඉදිරිපත් කළ අයදුම්පත, ඔබගේ තොරතුරු නිලධාරියා විසින් කාන්තා කටයුතු අමාත්‍යාංශයට යොමු කර ඇත. මේ මගින් ඔබගේ ලේකම් කාර්යාලය අපට පෙන්වා දෙන්නේ, ජාතික කාන්තා කොමිසම කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති බවයි. ජාතික කාන්තා කොමිසමේ  ස්වාධීනත්වයට මෙන්ම අරමුණු, ඉලක්ක හා ක්‍රියාකාරීත්වයට ද මෙය පටහැනි බව අපි අවධාරණය කරමු.

ජාතික කාන්තා කොමිසම අපේ යුගයේ කාන්තාවන්ගේ අසීරු සටනක ප්‍රතිඵලයක් ලෙස ලැබුණකි. අදාල කමිටුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් සලසා නොදීම මගින් කමිටුවේ ක්‍රියාකාරිත්වය අඩපණ කර, විධායක ජනාධිපතිවරයා ලෙස ඔබ ඔබට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති වගකීම පැහැර හැර ඇති බව අපි විශ්වාස කරමු. ඒ අනුව, හිංසාවට පත්වන අයට නීතිමය ආරක්ෂාවක් ලබාගත හැකි යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය නොදීමෙන්, අපේ සමාජයේ පැතිර යන ස්ත්‍රී ද්‍රෝහී සහ ලිංගිකත්වය පදනම් වූ හිංසන සංස්කෘතිය පවත්වාගෙන යාමට ඔබද දායක වන බව හා වගකිව යුතු බව අපගේ විශ්වාසයයි. කාන්තාවන්, ලිංගික හිංසනය අත්විඳින්නන් ලෙස අප ඔබගේ මෙම හෘද සාක්ෂියට එරෙහි ක්‍රියාව දෙස අවධානයෙන් බලා සිටිමු.

විධායක ජනාධිපතිවරයා ලෙස අප ඔබෙන් ඉල්ලා සිටින්නේ, වහාම ක්‍රියාත්මක වන පරිදි, ජාතික කාන්තා කමිටුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය, මූල්‍ය ප්‍රතිපාදන, පහසුකම්, කාර්ය මණ්ඩලය සහ ස්වාධීන කාර්යාලයක් සපයන ලෙසයි. එසේම, මෙම කමිටුවට, කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් වියුක්තව ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය දේශපාලනික හා මූල්‍යමය පසුබිම සකස් කරන ලෙසයි.  මේ කටයුතු සඳහා කාල රාමුවක් ලබාදෙන ලෙසද, ජාතික කාන්තා කමිටුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවීමට බලාපොරොත්තු වන දිනය අපට දැනුම් දෙන ලෙසද අපි ඔබෙන් තවදුරටත් ඉල්ලා සිටිමු.

මෙම ඉල්ලීම් වලට, ඔබේ ප්‍රතිචාරය ඉතාම ඉක්මනින් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරමු.

ස්තූතියි

අනුමත කිරීම්
පුද්ගලයන්
  1. Abdul Wahid Jeseela
  2. Ajitha A.
  3. Aliza Hussein
  4. Amalini De Sayrah
  5. Amani Raji
  6. Aneesa Firthous
  7. Angela Forman
  8. Angelica Chandrasekeran
  9. Anithra Varia
  10. Anjana Sivaharon
  11. Anomaa Rajakaruna
  12. ⁠Aqilah Nikhat Naleem
  13. Ashila Dandeniya
  14. B. Sangeetha
  15. Barathy Sivaraja
  16. Bisliya Bhutto
  17. C. Ranitha Gnanarajah, AAL
  18. C. Tozer
  19. Chanu Nimesha
  20. Chulani Kodikara
  21. Dhammika de Silva
  22. Dr Rajni Gamage
  23. Dr. Amali Wedagedara
  24. Dr. Misha’ari Weerabangsa
  25. Dr. Sakuntala Kadirgamar
  26. Duleeka Nonis
  27. ⁠⁠E. A. Pathumika Thathsarani
  28. F. Sanoosiya
  29. Fairoos Ilma
  30. Fathima Amra
  31. Fathima Sumaiya Frahath
  32. ⁠⁠Fawzul Himaya Hareed
  33. Fawzul Rifaya
  34. Fiyasa Muja
  35. Gameela Samarasinghe
  36. H.M. Chathurika Sewwandi, AAL
  37. Hemalatha K.
  38. Hemanthi Goonasekera
  39. Ishani Ranasinghe
  40. Ismayil Aaysha Banu
  41. ⁠Isuri Kumbukage
  42. Ithayarani Sithravel
  43. J. Sneha
  44. Jasintha Subasinghe
  45. Jeyarasa vergin subashini
  46. Joanne Senn
  47. Juwairiya Mohideen
  48. K. Mahaluxmy
  49. K. Mathana
  50. K. Puspavathy
  51. Kalani Subasinghe
  52. Kamala Vasuki
  53. Kanaka Abeygunawardana
  54. Kandiah Rasaledsumi
  55. Kandiah Rasaledsumi
  56. Kounthini R.
  57. Kuvenitha S.
  58. L. KASMY
  59. Laveena Hasanthi
  60. M. Fathima shammama
  61. M. Kiliyopedra
  62. M. L. Zahra
  63. M. Lasiya
  64. M. Nithurshini
  65. Manjula Moorthy
  66. Marisa de Silva
  67. Mariyarosari S.
  68. Melani Gunathilaka
  69. Melani Manel Perera
  70. Mohamed Majeed Jansila
  71. Mujeeba Mujeeb
  72. Muqaddasa Abdul Wahid
  73. Nabeela Iqbal
  74. Nadeesha Hanwella
  75. Nalini Ratnarajah
  76. Nehama Jayewardene
  77. Nilmini Nonis
  78. Nimanthi Fernando, AAL
  79. Nirmala M.
  80. Nirmala T.
  81. Niththika S.
  82. Nivanthini S.
  83. P. Brintha
  84. Padma Pushpakanthi
  85. Prof. Sumathy Sivamohan (Retired, University of Peradeniya)
  86. Prof. Vasuki Nesiah
  87. Puni Selvaratnam
  88. Queen Juliet Nalliah
  89. Rahman A.
  90. Rajany Rajeswary
  91. Raveendran V.
  92. Rosita Fernando
  93. S. Jegathes Wary
  94. S. Karthika
  95. S. Mohana Dharshiny
  96. S. Tamiliny
  97. S. Yasothara
  98. Safarij Bhutto
  99. Safiya Riyaz
  100. Sakina Mansoorally
  101. ⁠⁠Samiha Mohamed Muhsin
  102. Sarankan K.
  103. Saththiyaseelan K.
  104. Saththiyavanie Simon Silva
  105. Shabnam Farwin
  106. Shamila Sheriff
  107. Shamini V.
  108. Shirani Cooray
  109. Sirany Thevakumar
  110. Sister Berni De Silva
  111. Sister Damitha De Silva
  112. Sister Deepa Fernando
  113. Sister Marian Evusta
  114. Sister Shandika Perera
  115. Sister Shiromi Fernando
  116. Siyana Niyas
  117. Souminy Perinparajah
  118. Subathra Yogasingham
  119. Suganthini S.
  120. Sujatha J.
  121. Sulochana Peiris
  122. Sumithra Sellathamby
  123. Swasthika Arulingam, AAL
  124. T. Fattima
  125. T. Mallika
  126. T. Shanthidevi
  127. Tehani Ariyaratne
  128. Tharushi Dishara Fernando, AAL
  129. Thasneema Dahlan
  130. Thassim Samima
  131. Thayalini J.
  132. Thiagi Piyadasa, AAL
  133. Thileepan S.
  134. Uma Shanika Pararajasingam
  135. Vanie Simons
  136. Venuja. Konsan Robert
  137. Vimukthi  Desilva
  138. Visakha Tillekeratne

Organisations

  1. Islamic Women’s Association for Research and Empowerment (IWARE)
  2. Mannar Women’s Development Federation
  3. Movement of Christian Women’s Voice (MoCWV)
  4. Muslim Women’s Development Trust (MWDT)
  5. Puttalam District Women’s Self Employment and Coexistence Forum
  6. Sisterhood Initiative
  7. Standup Movement Lanka
  8. Thean Aruvi Women’s Center
  9. Tholamai.V
  10. Vallamai Movement for Social Change
 END/MMP/16012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *