යාපනය සංචාරක මණ්ඩලය සංවිධානය කළ තෛපොංගල් උත්සවයට ජනපති එක් වෙයි!

සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් මනිපායි මරුතඩි විනායහර් කෝවිලේදී ඊයේ(15) පස්වරුවේ සංවිධානය කර තිබූ තෛපොංගල් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී විය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සුවිශේෂී ගමනාන්තයක් ලෙස මේ වන විට යාපනය දිස්ත්‍රික්කය ඉහළ සංචාරක ආකර්ශනයක් දිනා ගෙන තිබේ. දෙමළ සංස්කෘතිකාංග රැසකින්ද මෙම තෛපොංගල් උත්සවය වර්ණවත් විය.

මෙහිදී අදහස් දැක් වූ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සඳහන් කළේ ‘තෛ මාසය උදාවීමත් සමඟ නව මාවතක් විවර වේ’ යැයි කියමනක් තිබෙන බවයි. රට නව මාවතක ගමන් කිරීම වැළැක්වීමට ඇතැම් දේශපාලඥයන් ගත් උත්සාහය අසාර්ථක වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා රට ගොඩනැඟීම සඳහා සිංහල, දෙමළ මුස්ලිම් සියලු ජනතාව එකට එක් විය යුතු බවද සඳහන් කළේය.

ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහුද, යාපනය දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

END/GONP/MMP/16012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *