ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණ තත්ත්වයක් – නිෂිකා හංසනී
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් අද (16) වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
