නැගෙනහිර වෛද්‍ය වර්ජනය තෛපොංගල් නිමිත්තෙන් තාවකාලිකව නවතී – හිරුණි ලක්ෂිකා

Hands of practitioner with stethoscope

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද (15) අත්හිටුවා තිබෙනවා.

වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග හෙට (16) තීරණය කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් පසුගිය 13 වැනිදා නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වෛද්‍ය වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා පරිපලාන සහ මුදල් විෂාමාචාර සිදුවිම් ඇති නිසා ඔහු එම තනතුරින් ඉවත් කර වෙනත් අධ්‍යක්ෂකවරයෙකු ඉවත් කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ අම්පාර ශාඛාව මෙන්ම රජයේ වෙද්‍ය නිළදාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලිමක්ද කරනු ලැබුවා.

එම ඉල්ලිම ඉටු නොකිරිම නිසා පසුගිය සතියේ අම්පාර වෙරළ බඩ කලාපයේ මූලික රෝහල් 07 ක් සහ ප්‍රාදේශීය රෝහල් විසි හතරක වැඩ වර්ජනය කළ අතර එයටද සෞඛ්‍ය අමාත්‍යංශය පියවර නොගැනිම නිසා එලෙස නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed