මාරවිල පොලිසිය බඩුත් එක්ක දෙකක් ගනී – පහන් සිතුමිණ

 

මාරවිල පොලිස් වසමට අයත් නාත්තන්ඩිය ගඩොල්ගොඩවත්ත ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය විකිණීමේ නිරත පුද්ගලයන්
දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අද 14 දහවල් සමත් විණි .

මේ දෙදෙනා සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 20750 ක් හා අයිස් මිලිග්‍රෑම් 6000 ක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ .

මේ ජාවාරම සදහා යොදා ගත් දුරකථනයක්ද පොලිස් භාරයට පත්ව ඇත . ඒ ඔත්සේ මේ වන විට විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත .

හලාවත ජෞශ්ධ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ නියෝග මත නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතාගේ උපදෙස් පරිදි
මාරවිල මුලස්ථාන පොලිස් ස්ථානාධිපති සරත් සමරවික්‍රම , පොලිස් සැරයන්වරුන් වන 61118 ජයනාත් , 75915 සමන්ත , පොලිස් කොස්තාපල්වරුන්
වන 105 356 විජේසිංහ
105 464 රත්නායක ,101853 පැතුම් යන නිලධාරීන් මේ වැටලීම සිදු කර ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *