හිටපු ජනපති රනිල් අනුරාධපුරයේ – පහන් සිතුමිණ

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඓතිහාසික අනුරාධපුර පූජා නගරයට ගොස් රුවන්වැලි මහා සෑය වන්දනා කළා.

රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් එහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර රනිල් වික්‍රමසිංහට ආශිර්වාද පළ කළා.

එහි පැමිණ සිටි බැතිමතුන්ද රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරත වුණා.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *