නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වෛද්‍ය වර්ජනයක් – හිරුණි ලක්ෂිකා

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් අද (13) නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වෛද්‍ය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කය ,මඩකලපුව දිස්ත්‍රික්කය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සියලුම රොහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරන බවයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ විධායක සභික අම්පාර දිස්ත්‍රික්කයේ සංවිධායක වෛද්‍ය ජනිත් පේදුරු ආරච්චි පවසා සිටියේ.

ඒ අනුව නැගෙනහිර පළාතේ ශික්ෂණ රෝහල් 1ක් ,මහ රෝහල් 02ක්, මූලික රෝහල් 17 ක් , ප්‍රාදේශීය රෝහල් 52 ක් සහ ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන 113ක වෛද්‍යරු මෙම වැඩ වර්ජනයට සහාභාගි වී තිබෙනවා.

අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා පරිපලාන සහ මුදල් විෂාමාචාර සිදුවිම් ඇති නිසා ඔහු එම තනතුරින් ඉවත් කර වෙනත් අධ්‍යක්ෂකවරයෙකු ඉවත් කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ අම්පාර ශාඛාව මෙන්ම රජයේ වෙද්‍ය නිළදාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

එම ඉල්ලිම ඉටු නොකිරිම නිසා පසුගිය සතියේ අම්පාර වෙරළ බඩ කලාපයේ මූලික රෝහල් 07 ක් සහ ප්‍රාදේශීය රෝහල් විසි හතරක වැඩ වර්ජනය කළ අතර එයටද සෞඛ්‍ය අමාත්‍යංශය පියවර නොගැනිම නිසා මෙලෙස නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වැඩ වර්ජනය ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *