ආරච්චිකට්ටුවේ වගුරු බිමක සිදුකල පෙරිල්ල

 

 

ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ වගුරු බිමක ඉතා සුක්ෂමව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකපිට දෙදෙනෙකු හා මත්පැන් බෝතල් විස්සක් ගෝඩා බැරල් තුනක් හා පෙරුම් උපකරණ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට ආරච්චිකට්ටුව පොලිසිය සමත්ව තිබේ .

පොලිසිය මේ ස්ථානය වටලන අවස්ථාවේදීත් මත්පැන් පෙරීම සිදුකෙරෙමින් තිබීඇත . මේ ස්ථානයේ නිෂ්පාදනය කරන නීති විරෝධී මත්පැන් ආරච්චිකට්ටුව හලාවත ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට බෙදා හැර ඇත .

වගුරු බිමක ගස් වලන් ආවරණය වන ස්ථානයක මේ කාර්ය සිදු කිරීම කර ඇත .මිට අමතරව මේ කාර්ය කිරීම සදහා ඔත්තුකරුවන් කීප දෙනෙකු ද සම්බන්ධ කර ගෙන ඇත .

හලාවත ජෞශ්ධ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ නියෝග අනුව හලාවත පොලිස් අධිකාරී එස් .ඒ .පි .කේ දයානන්ද මහතාගේ උපදෙස් පරිදි ආරච්චිකට්ටුව පොලිස් ස්ථනාධිපති උදිත නෙලුම්දෙණිය පොලිස් සැරයන් 64843 ජයන්ත ,පොලිස් කොස්තාපල් වරුන් වන 98692 අතාවුද ,77430 සේනානායක ,100707 අබේකෝන් යන නිලධාරීන් මේ වැටලීම සිදු කර ඇත .

සැකකරුවන් හා මත්පැන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed