රජය තරාතිරම අනුව කිසිවෙක් ආරක්ෂා කරන්නේ නැහැ – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රජය තරාතිරම බලා කිසිවෙකු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් වත්මන් අධිකරණ ක්‍රියාවලිය තුළින් ඒ බව පැහැදිළි වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඊයේ (09) පාර්ලිමේන්තුවේදී සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අගමැතිනිය මේ බව සදහන් කළාය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ,

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ, ජනාධිපතිතුමන් 2024 ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ නඩු සමාලෝචනය හා නැවත නඩු පැවරීමේ ක්‍රියාවලිය ස්වාධීන අධිකරණ පද්ධතියක් යටතේ සිදු කරන බවයි. 2019 සිට 2024 දක්වා ඉල්ලා අස් කරගත් මුලු නඩු 102ක් අතර 65කට නැවත නඩු පැවරීමට කටයුතු කර ඇති අතර, 34ක් සඳහා නැවත නඩු නොපැවරීමේ තීරණය ගෙන ඇත. තවත් 3ක් සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බවද සඳහන් කළාය.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ, “වර්තමාන අධිකරණ ක්‍රියාවලිය යටතේ කවුරුත් ආරක්ෂා කරන්නේ නැහැ. පැරණි සිද්ධි 15–20 වසරක දක්වා නැවත විමර්ෂණය කර නඩු පැවරීම සිදු කෙරෙනවා. තීරණය තරාතිරම බැලීමෙන් නොව, අදාළ සාක්ෂි අනුව ගෙන යනු ලබන බව පැහැදිළි කරන්නෙමු. පැවති ආණ්ඩු වල සිටි එකිනෙකා ආරක්ෂා කළ අයම, අධිකරණ ක්‍රියාවලියට වැරදිව මැදිහත් වුවහොත් එකිනෙකා ආරක්ෂා කරනවාදැයි අහන ප්‍රශ්නයම විහිළුවක්” යන්නයි.

END/PMMD/MMP/11012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *