අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) ඇරඹේ!

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් තාවකාලිකව කල් දැමීමට සිදු වූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි
එම සංශෝධිත කාලසටහන මේ වන විට සියලු විභාග අපේක්ෂකයන් වෙත යවා ඇති අතර, ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සහ ෆේස්බුක් පිටුව මඟින්ද ප්රසිද්ධ කර තිබේ.
මෙම විභාගය සඳහා දිවයින පුරා විභාග මධ්යස්ථාන 2,086ක්, සම්බන්ධීකරණ මධ්යස්ථාන 325ක් සහ ප්රාදේශීය මධ්යස්ථාන 32ක් ස්ථාපිත කර ඇත.
ආපදා තත්ත්වය හේතුවෙන් ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්රය හෝ විදේශ ගමන් බලපත්රය වැනි අනන්යතා ලේඛන අස්ථානගත වී ඇති අපේක්ෂකයන්ට විශේෂ පහසුකම් සලසා ඇති බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව පාසල් අයදුම්කරුවන් සඳහා විදුහල්පතිවරයා සහ කලාප අධ්යාපන අධ්යක්ෂවරයා විසින් සහතික කරන ලද අතර, පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ග්රාමනිලධාරි සහ ප්රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද තැපැල් හැඳුනුම්පත් ප්රමාණයේ ඡායාරූප දෙකක් තාවකාලික අනන්යතා පත්රයක් ලෙස ඉදිරිපත් කිරීමෙන් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී ඇත.
END/GONP/MMP/11012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *