බස් රථ දෙකක් හා ටිපර් රථයක් ගැටී අයෙක් මරුට : 10ක් රෝහලේ – හිරුණි ලක්ෂිකා
කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ මාවනැල්ල – පල්පාත ප්රදේශයේදී අද (09) පස්වරුවේ බස් රථ දෙකක් හා ටිපර් රථයක් ගැටීමෙන් සිදු වූ දරුණු රිය අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික බස් රථයක්, ලංගම බස් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙහිදී, තුවාල ලැබූවන් දස දෙනෙකු පමණ ප්රතිකාර සඳහා මාවනැල්ල සහ කෑගල්ල රෝහල් සඳහා ඇතුළත් කර තිබෙනවා.
