රාජාංගනය සහ කන්තලේ ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ – හිරුණි ලක්ෂිකා

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් මේ වන විට විවෘත කර තිබේ.

ජල පෝෂිත ප්‍රදේශවලට ඇඳ හැලෙන වර්ෂාවත් සමග කලාඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙසේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බව වාර්තා වේ.

ඉන් වාන් දොරටු 4ක් අඩි 4 බැගින් සහ වාන් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කර ඇත.

එහි තත්පරයට ගණඅඩි 50,176ක ජලධාරිතාවයක් කලාඔයට මුදා හැරෙන බව ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසයි.

එමෙන්ම කන්තලේ ජලාශයේ ද මේ වන විට වාන් දොරටු විවෘත කර ඇති බව සඳහන් වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එහි වාන්දොරටු දහයෙන් 4ක්, අඩි එක බැගින් විවෘත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed