විපතට පත් ජනතාවට සහන සැලසීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් මූල්‍යමය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්ගේ දිනක වැටුප වන රුපියල් 672,960ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර මහතා විසින් ඊට අදාළ චෙක්පත මේ මස 07 වෙනි දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක තුසිත සංජීව පරණගම මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

END/GONP/MMP/09012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed